දැක්ම

Gamers ලා හට ගුණාත්මක සමූහයක් නිර්මාණය කරමින් ඔවුන්ගේ දියුණුව සඳහා යොදාගැනීමට අවශ්‍ය කරන අවකාශය සහ මගපෙන්වීම සැපයීම තුළින් Gamera ලාගේ සංවර්ධනයක් මෙන්ම ගුණාත්මක ශ්‍රී ලංකාවක් බිහි කිරීමට රුකුලක් වීම.

මෙහෙවර

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් '96 ලෝක කුසලානයේදී අත්කරගත් තත්වය eSports තුළත් ඇතිකරමින් ශ්‍රී ලංකාවේ සමස්ත eSports ක්ෂේත්‍රය වර්ධනයක් කරා මෙහෙයවා ක්‍රියාකාරී ශ්‍රී ලාංකීය gaming සාමූහිකයක් නිර්මාණය කිරීම.

our Story

NOOB ALLIANCE වෙත සාදරයෙන් පිළිගනිමු !

Noob Alliance අද සිටින තත්වය වෙත ගොඩනැංවූ මූලාරම්භයන්, සන්ධිස්ථානයන් සහ විජයග්‍රහණයන් පිළිබඳව ඔබට මෙහිදී ගවේෂනය කිරීමට හැකිවනු ඇත.

ක්‍රීඩාව තුළ මෙන්ම ඉන් පිටතදීත් ජයග්‍රහණයන් ලබාගන්නා දේශය පුරා විහිදුණු ක්‍රියාකාරී සාමූහිකයක අත්දැකීම විඳගන්න !

ආරම්භය 2007

පොදු දැක්මක් සහිත gamers ලා පිරිසක් එකට එක්ව නිර්මාණය කරන ලද සුවිශේෂී නිමැවුමකි.

නිසිලෙස භාවිතා කළහොත් ලබාගත හැකි සුවිශාල ප්‍රතිලාභයන් මෙන්ම gaming සඳහා ඇති හෘදයාංගම ප්‍රේමය තුළින් පෙරමගට ගමන් කොට ඇත.

අපගේ සාමූහිකය

ශ්‍රී ලාංකීය eSports හි පිරිපුන් වසර 15කට පසු අප විශාල සාමූහිකයක් බවට වර්ධනය වී ඇත. එනිසා ඔබට කීමට සුන්දර කතාවක් අප සතුව ඇත.

සියළු බාධක බිඳ දමා දකුණු ආසියානු eSports අතික්‍රමණය කළ අධිෂ්ඨානශීලී ක්‍රීඩකයන්ගේ සිට

යතුරු පුවරුව මොහොතකට පසෙකලා සැබෑ ජීවිතයත් අතික්‍රමණය කළ gamers ලා දක්වා විහිදුණු කතාවක් අප සතුව ඇත.

ශ්‍රී ලාංකීය ESPORTS වෙත ඔබේ සහයෝගය ලබාදෙන්න

15

වසර 15ක අත්දැකීම්

20+

වෘත්තීමය ක්‍රීඩකයන්

200+

තරගාවලි ජයග්‍රහණ

500+

සාමාජිකයින්

අපගේ කාල රාමුව

කුඩා කණ්ඩායමක් ලෙස ආරම්භ වූ තැනේ සිට වර්තමානයේ ශක්තිමත් Gaming සමූහයක් දක්වා ආ ගමන් මග තුළ

අප පසුකළ අභියෝග, සමරන ලද ජයග්‍රහණ සහ අපගේ දියුණුවේ සාක්ෂිකරුවකු වන්න.

වඩා හොඳ අත්දැකීමක් සඳහා!

ඔබ කැමති භාෂාවට මාරු වන්න

2007

2007 දී මේ සියල්ල ආරම්භ විය.

නැගී එන gamers ලා හට සිය කුසලතා වැඩිදියුණු කරගන්නටත් දක්ෂතා එළිදැක්වීමටත් ජාතික මෙන්ම ගෝලීය මට්ටමේ වේදිකාවක් තනා දීමට සිහිනයක්, අරමුණක් සහ දැක්මක් අප සතුව පැවතුණි. නමුත් මෙය එක් රැයකින් ඉටුකරගත හැකි යමක් නොවන බවත් අප දැන සිටියෙමු. එනිසාම ආරම්භය මන්දගාමී වෙන්ම වෙහෙසකාරී වුවද අනාගතයේ විය හැකියාවන් මුල් කොටගෙන Noob Alliance කණ්ඩායමේ සිහිනය තව තවත් ශක්තිමත් විය.

2008 – 2011

Noob Alliance හි දියුණුවේ අත්තිවාරම්

2008 සිට 2011 දක්වා කාල පරාසය Noob Alliance(nA) හි දියුණුවේ අත්තිවාරම් බවට පත්විය. ශ්‍රී ලංකාවට eSports තවමත් අළුත් අත්දැකීමක් වූ අතර යම් වේදිකාවන් තුළ PC මෙන්ම Console gamers ලා හට මාර්ගගතව එකතුවී ප්‍රශ්න ඇසීමට, තම අත්දැකීම් බෙදාගැනීමට මෙන්ම gaming හී අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදුණි. පසුකාලීනව SLCG නමින් පොදුවේ හැඳින්වූ Sri Lanka Cyber Games, එනම් ශ්‍රී ලංකාවේ ප්‍රථම eSports තරගාවලිය සංවිධානය කිරීම සිදුකරන ලද්දේ GLK විසිනි. තරගකාරී eSports වෙතට අවතීර්ණ වීමට මෙය සුදුසු අවස්ථාව බව තේරුම්ගත් Noob Alliance විසින් SLCG සහ තවත් තරගාවලි කිහිපයකට සහභාගී වී ජයග්‍රහණය අභියසටම පැමිණියත් කිසිදු තරග ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත් විය. නමුත් ඒ තුළින් ඉතාමත් වැදගත් පාඩම් ගණනාවක්ම ඉගෙනගැනීමට මෙන්ම ශක්‍යතාවය සහිත දක්ෂ ක්‍රීඩකයින් හඳුනාගනිමින් ඔවුන්ව Noob Alliance සමඟ එකතුවීමට දිරිගැන්වීම් සිදුකරන්නට සමත් වුණා.

2012

ශ්‍රී ලංකා eSports ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක්

2012 වර්ෂය ශ්‍රී ලංකා eSports ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් බවට පත්කරමින් ශ්‍රී ලංකා eSports සංගමය හෙවත් SLESA ගොඩනැංවීය. ශ්‍රී ලංකාවේ eSports පරිපාලන ව්‍යුහය බවට පත්වූ SLESA විසින් නීතිරීති සකස් කිරීම, සාධාරණ තරගාවලි පැවැත්වීම, විනය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ eSports වැඩිදුර ප්‍රවර්ධනය කිරීමේ වගකීම තමා වෙතට පවරාගන්නා ලදී. තවදුරටත් ශ්‍රී ලංකාවේ දක්ෂ eSports ක්‍රීඩකයන්ව ජාත්‍යන්තරය තලයට ඔසවා තැබීමේ වගකීමත් SLESA වෙතටම පැවරෙන ලදී. SLESA හී ආරම්භක සාමාජිකයන් 4 අතරින් එකක් බවට Noob Alliance පත්වූයේ සංවිධාන දෙකෙහිම මෙන්ම ශ්‍රී ලංකා eSports හී අනාගතයට සුභ ලකුණු සලකුණු කරමිනි.

2015

Noob Alliance සිය ප්‍රථම ජයග්‍රහණය සනිටුහන් කිරීම

ප්‍රතිවාදී කණ්ඩායම් පරාජයට පත්කොට විජයග්‍රහණය ලබමින් සිය ප්‍රථම ශූරතාවය Kings of LAN තරගාවලියේ Call of Duty 4 තුළින් ලබාගන්නට 2015 දී Noob Alliance සමත් විය. එපමණක් නොව, තරගාවලිවලට සහභාගී වීමට පමණක් සීමා නොවී සාර්ථකව තරගාවලි සංවිධානය කිරීමටත් තමන්ට හැකි බැව් ඔප්පු කරමින් එකල කොළඹ නගරයේ හදවතේ පිහිටි තාරුණ්‍ය අතර ප්‍රචලිත ස්ථානයක් වූ Majestic City තුළදී Get nAiled නමින් තමන්ගේම මහා පරිමාණ eSports තරගාවලියක් සංවිධානය කිරීමට Noob Alliance හට හැකියාව ලැබුණි.

2017

ලබාගැනීමට අපහසුම Call of Duty 4 ශූරතාවය Noob Alliance හිමිකරගැනීම

2017 වනවිට දේවල් වඩ වඩාත් හොඳින් සිදුවීමට පටන්ගෙන තිබුණි. ලබාගැනීමට අපහසුම ශූරතාවක් වන SLCG හි Call of Duty 4 ශූරතාවය මෙන්ම සමස්ත SLCG ලකුණු පුවරුවේ දෙවෙනි ස්ථානය ලබාගැනීමට Noob Alliance සමත් විය. එතනින් නොනැවතුණු ඔවුන් Tekken සහ Overwatch තුළද ජයග්‍රහණ ලබාගන්නා ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ විශාල ත්‍යාග මුදල් ලබාදීමට මග සලසා දුන් SLT Esports තරගාවලියේද CoD4 ශූරතාවය ලබාගැනීමට Noob Alliance සමත් විය.

2018

විශිෂ්ඨතම eSports සංවිධානය ලෙස සම්මාන ලැබීම

2018 යනු Noob Alliance වෙත තවත් ජයග්‍රහණ රාශියක් ගලා ආ වසරක් විය. සංවිධානයේ දක්ෂතම FIFA ක්‍රීඩකයෙක් හට සිංගප්පූරුවේ Marina Mall හී පැවති FIFA තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි එමෙන්ම Clash Royale හී තම දක්ෂතා පෙන්වමින් හොංකොං හිදී පැවැත්වුණු ආසියානු ක්‍රීඩා තෝරාගැනීමේ වටයට සහභාගී වන්නටත් Noob Alliance හට හැකියාව ලැබුණි. තවදුරටත් ඉන්දියාව සහ පාකිස්ථානය පරාජයට පත් කරමින් දකුණු ආසියානු තරගාවලිය තුළ CoD4 ශූරතාවය දිනාගන්නත් Noob Alliance කණ්ඩායම සමත් විය. 2018 වසරේ උච්ඡතම අවස්ථාවට පැමිණි Noob Alliance හට එම වර්ෂයේ පැවති SLCG හිදී CoD4 සහ Overwatch ශූරතාවන් දිනාගනිමින් වසරේ විශිෂ්ඨතම eSports සංවිධානය බවට අභිසෙස් ලබන්නට හැකියාව ලැබුණි.

2019

ශ්‍රී ලංකා රජය විසින් eSports ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගැනීම

2019 වර්ෂය ශ්‍රී ලංකා eSports හි ඓතිහාසික සංධිස්ථානයක් වන්නේ SLESA හී බලපෑම් මත ශ්‍රී ලංකා රජය විසින් eSporta නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස පිළිගැනීම හේතුවෙනි. මින් අදහස් වන්නේ Cricket, Rugby ඇතුළු අනෙකුත් ක්‍රීඩා වල නිරත වන ක්‍රීඩකයන් හා සම මට්ටමකට eSports ක්‍රීඩකයන් ද පිළිගැනීමට ලක්වන බවයි. එමගින් eSports තුළින් වෘත්තිමය ක්‍රීඩකයන් බිහිකීරිමේ අරමුණට තවත් අඩියක් ළඟා වීමට හැකි විය.

2020

දිවයිනේ විශිෂ්ඨතම PUBG Mobile සංවිධානය.

2020 වර්ෂයේදී PUBG Mobile වැනි ජංගම දුරකථන ක්‍රීඩා අතිශය ප්‍රචලිත වීමත් සමගම Noob Alliance විසින් නව දක්ෂතා සහිත ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධ වීමේ හැකියාව හඳුනාගන්නා ලදී. රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් සහිත ශ්‍රී ලංකාවේ එකළ පැවති සුවිශාලම තරගාවලිය වන Esports Premiere League හී ශූරතාවය දිනාගනිමින් එවන් ත්‍යාග මුදලක් දිනාගත් ප්‍රථම සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම PUBG Mobile කණ්ඩායම් හිමි සංවිධානය බවට සිය නාමය ස්ථාපනය කරන්නට Noob Alliance හට හැකියාව ලැබුණා.

2020

අන්තර්ජාතික තලය වෙත අවධානය යොමුකිරීම

වසර ගණනාවක් පුරාවට ලාංකීය තලයේ ජයග්‍රහණ රාශියක් ලබාගැනීමෙන් පසුව Noob Alliance සිය මීලඟ ජයග්‍රහණය අන්තර්ජාතික තලය තුළ ලබාගැනීමට අවධානය යොමුකරවීය. එනිසා PUBG Mobile හි නිල තරගාවලි මාලාවක ආරම්භය වන PUBG Mobile Club Open හෙවත් PMCO වෙත ඔවුන්ගේ අවධානය යොමුවන ලදී. PMCO හී දක්ෂතම කණ්ඩායම් PUBG Mobile Pro League ( PMPL ) වෙතත් ඉන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 6ක ත්‍යාග මුදල් සහිත PUBG Mobile Global Championship ( PMGC ) වෙතත් සුදුසුකම් ලබයි. මෙම ගමන් මග තුළ ඇමරිකානු ඩොලර් 30000 ක ත්‍යාග මුදලක් සහිත PMCO හී අවසන් පූර්ව වටය දක්වා පැමිනෙන්නට Noob Alliance ක්‍රීඩකයෙක් සමත් වුනා. එතනිනුත් නොනැවතී, League of Legends දකුණු ආසියානු තරගාවලියකට සහභාගී වූ Team Vanguard කණ්ඩායම එහි අනුශූරතාවය දිනාගන්නටත් සමත් විය.

2021

රුපියල් මිලියන 2 ක ත්‍යාග මුදලක හිමිකරුවන් වීම

2021 Noob Alliance වෙත ඉතාමත් සුවිශේෂී වර්ෂයක් බවට පත්විය. අපගේ ප්‍රවීණ PUBG Mobile ක්‍රීඩකයෙකුට නේපාලයට ගමන් කොට ඇමරිකානු ඩොලර් 150,000 ක ත්‍යාග මුදලක් සහිත PUBG Mobile Pro League ( PMPL ) තරගාවලියෙහි නේපාල කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස දකුණු ආසියාවේ ප්‍රභල රටවල් වන නේපාලය, පාකිස්ථානය, බංගලාදේශය සහ මොංගෝලියාව යන රටවල් වල කණ්ඩායම් වලට එරෙහිව තරගවැදීමට සමත් වුනා. සිය සාමාජිකයන් කෙරෙහි සංවිධානයක් ලෙස දක්වන කැපවීම පෙන්නුම් කරමින් Noob Alliance විසින් ISSL කණ්ඩායමේ නැගී එන ක්‍රීඩකයෙක් හට iPhone 13 Pro Max උපාංගයක්ද පිරිනමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස Dialog Axiata PUBG Mobile තරගාවලියේ දෙවන ස්ථානයට පත්වෙමින් රුපියල් මිලියන 11ක මුළු ත්‍යාග මුදලෙන් මිලියන 2ක් තමන් සතු කරගැනීමට ISSL කණ්ඩායම සමත් විය.

2022

Noob Alliance ශක්තිමත් ලෙස නැගී සිටීම

PUBG Mobile හි ISSL කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඔවුන්ගේ තරගකාරිත්වය සහ දක්ෂතාවන් වැඩිදුයුණු කරනු වස් තවත් iPhone 13 Pro Max දෙකක් ප්‍රධානය කරමින් 2022 වර්ෂය තුළ Noob Alliance තවත් ශක්තිමත් මුහුණුවරකින් ඉදිරියට යන ලදී. එම ක්‍රීඩකයන්ගේ උත්සාහය සහ කැපවීම ඇගයීමට ලක් කරමින් Noob Alliance විසින් ඔවුන්ට ලබාදුන් රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම iPhone ලබාදීම සිදුවිය. එමෙන්ම ඇමරිකානු ඩොලර් 150,000 දක්වා ත්‍යාග මුදල් සහිත වූ PMPL Qualifiers සඳහා සහභාගී වීමට ආරාධනා ලැබුනද එහි අවසන් මොහොත දක්වාම සිදුකරන ලද උත්සාහයන් අසාර්ථක වී සුදුසුකම් ලැබීමේ අවස්තාව මගහැරී ගියේය. නමුත් එහි දුර්වලතා තුළින් ඉගෙනගෙන වඩා ශක්තිමත්ව නැවත නැගී සිට ශ්‍රී ලංකාවේ ඇතිවූ අර්බුධකාරී වාතාවරණය තුළ විදුලි විසන්ධි කිරීම් අතරමැදදී පවා ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදල් සහිත PMCO තරගාවලියට සහභාගී වී තුන්වන ස්ථානය ලැබූ කණ්ඩායම සමඟ ලකුණු 3ක කුඩා පරතරයකින් 4 වන ස්ථානයට පත්වන්නට Noob Alliance ISSL කණ්ඩායම සමත් විය.

2023 - වර්තමානය

මාසයකට නැරඹුම් වාර මිලියනයකට ආසන්නව ලබාගැනීම

වර්තමානය වන විට Noob Alliance විසින් ශ්‍රී ලංකාවේ eSports පිළිබඳව ඇති දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා නව ව්‍යාපෘති රාශියකට පසුබිම සකස් කරමින් පවතී. Noob Alliance සංවිධානය මේ වනවිට උද්‍යෝගිමත් මාධ්‍ය කණ්ඩායමක්, ග්‍රැෆික් නිර්මාණකරුවන් මෙන්ම වීඩියෝ සංස්කාරකයන්ගෙන් සමන්විත සම්පූර්ණයෙන් ලියාපදිංචි ආයතනයක් බවට පත්වී අවසන් ය. එමෙන්ම අති විශාල සමාජ මාධ්‍ය නිරූපණයක් ගොඩනගමින් Instagram, Facebook සහ TikTok යනාදී වේදිකාවන් තුළ මාසයකට නැරඹුම් වාර මිලියනයකට අධික ප්‍රමාණයක් ලබාගන්නටත් Noob Alliance සංවිධානය සමත් විය.