දැක්ම
Gamers ලා හට ගුණාත්මක සමූහයක් නිර්මාණය කරමින් ඔවුන්ගේ දියුණුව සඳහා යොදාගැනීමට අවශ්‍ය කරන අවකාශය සහ මගපෙන්වීම සැපයීම තුළින් Gamera ලාගේ සංවර්ධනයක් මෙන්ම ගුණාත්මක ශ්‍රී ලංකාවක් බිහි කිරීමට රුකුලක් වීම.
මෙහෙවර
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් '96 ලෝක කුසලානයේදී අත්කරගත් තත්වය eSports තුළත් ඇතිකරමින් ශ්‍රී ලංකාවේ සමස්ත eSports ක්ෂේත්රය වර්ධනයක් කරා මෙහෙයවා ක්‍රියාකාරී ශ්‍රී ලාංකීය gaming සාමූහිකයක් නිර්මාණය කිරීම.
NOOB ALLIANCE වෙත සාදරයෙන් පිළිගනිමු !
Noob Alliance අද සිටින තත්වය වෙත ගොඩනැංවූ මූලාරම්භයන්, සන්ධිස්ථානයන් සහ විජයග්රහණයන් පිළිබඳව ඔබට මෙහිදී ගවේෂනය කිරීමට හැකිවනු ඇත.
ක්‍රීඩාව තුළ මෙන්ම ඉන් පිටතදීත් ජයග්රහණයන් ලබාගන්නා දේශය පුරා විහිදුණු ක්‍රියාකාරී සාමූහිකයක අත්දැකීම විඳගන්න !

ආරම්භය 2007
පොදු දැක්මක් සහිත gamers ලා පිරිසක් එකට එක්ව නිර්මාණය කරන ලද සුවිශේෂී නිමැවුමකි.
නිසිලෙස භාවිතා කළහොත් ලබාගත හැකි සුවිශාල ප්රතිලාභයන් මෙන්ම gaming සඳහා ඇති හෘදයාංගම ප්‍රේමය තුළින් පෙරමගට ගමන් කොට ඇත.
අපගේ සාමූහිකය
ශ්‍රී ලාංකීය eSports හි පිරිපුන් වසර 15කට පසු අප විශාල සාමූහිකයක් බවට වර්ධනය වී ඇත. එනිසා ඔබට කීමට සුන්දර කතාවක් අප සතුව ඇත.
සියළු බාධක බිඳ දමා දකුණු ආසියානු eSports අතික්‍රමණය කළ අධිෂ්ඨානශීලී ක්‍රීඩකයන්ගේ සිට
යතුරු පුවරුව මොහොතකට පසෙකලා සැබෑ ජීවිතයත් අතික්‍රමණය කළ gamers ලා දක්වා විහිදුණු කතාවක් අප සතුව ඇත.
